සයුර මැද

සුළඟේ ලෙළෙන
ලන්තෑරුම සවි කරලා,
හබලට රිදෙන
අත්දඬු යළි පිරිමදලා,
ඔරු කඳ උඩින් නැගෙනා
රළ බිඳ දමලා
සයුරේ සරමි
සරනා මින් කැල සොයලා..

තනිය දැනෙයි
මහ මෙරකට වඩා උස
ඔරුවක්‌ පෙනෙයි
සැලෙනා එළියෙන් දුරක
සිත නුඹ වෙතයි
කිමිදෙන රස පෙම් විලක
සිහිනක රැඳී එන්නට
සිත් වෙයි
සොඳුරිය නුඹ වෙතට..

සුරතල් පුතුන්
කිරි සිනහා සලන වෙලේ
වරම් නොමැත
හිස පිරිමදිනට නුඹගේ
වෙහෙසිය යුතුයි
රකිනට නුඹ සොඳුරේ
දිරි ගමි තවත්
නැත වෙහෙසක් තව දැනුණේ..


මම,
~Nj~

Comments
19 Comments
  1. සෑහෙන්න වෙනසක්!:)
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හැමදාම එක ම විදියට ඉන්නත් බෑ නේ.. ඒ හින්දා ටිකක් වෙනස් වෙන්න හිතුවා..
      හි හී!

      Delete
  2. Replies
    1. ස්තුතියි මලයා..

      Delete
  3. ලස්සනට ලිය උන තවත් අපි වගේම මිනිස්සුන්ගේ ජීවිත පැතිකඩක්.. අපූරුයි..

    ReplyDelete
  4. කවිය ලස්සනයි..පින්තූරෙත් කවියට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පබලු.. අරුණැල්ලට ආදරෙන් පිලි ගන්නවා..

      Delete
  5. බොහොම අපූරූවට ලියලා තියෙනවා.. ගේය පද රචනයක් වගේ.. ඇත්ත ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. +++ මටත් හිතට‍ වැදුනා.

      Delete
    2. ගීතයක් කරන්න හිතාගෙන නම් නෙවෙයි ලිව්වේ.. එත් පස්සේ එහෙම හිතුණා..

      Delete
  6. ඔවු මේ වෙනස හොදයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා..

      Delete
  7. ජිවිතේ හැටි.පදවැල් ටිකනම් ඉතිං ලස්සනටම තියෙනවා කලින් ඒවා වගේම..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතන්න අපිට වෙලාවක් නැති එක තමයි නේ අවුල.. ස්තුතියි!

      Delete
  8. පැහැදිලි වෙනසක්.. ඔහොම යමු..ඇත්තෙන්ම ගිතයකටත් වඩා සුදුසුයි.. නියමයි.. :)

    ReplyDelete
  9. අලේ... කවිත් ලියන්න පුලුවන් කියලා දන්නේ අදනේ... සිරාවටම මල් හතයි.... මට නම් කවි ලියන්න බැ යාලු... ඒ හින්දා කවි වලින්ම කමෙන්ට් දන්න බැ ඔන්න මට,..

    ReplyDelete

Newer Post

Older Post

ShareThis

www.arunalla.tk. Powered by Blogger.

පිටු පෙරලූ තරම්

Blogger Widgets

අවිද්‍යාවට තහවුරු වෙන්ට මඟ සලසා දී ඇත්තේ විද්‍යාවේ අසමඟියයි!

කලින් ලියපු ඒවා

මෙවන් අපරාධ යළි සිදු නොවේවා!

මෙවන් ඝාතන යළි සිදු නොවේවා. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජනප්‍රිය ලිපි

යන එන තැන්