පිනි බිඳ..




ගසක් අතු රිකිලි ලා
මහත් තේජසින්
හාත්පස විහිදී
සිය රිකිලි හිස පැළඳි
මලක් දකිනු රිසින්
ඔබ මොබ සැලෙද්දී
එහි රැඳී එක් පිනි බිඳක්
පත් අගින් ගිලිහී
මහත් වෙහෙසක් දරා
මුල සිප ගනු දුටිම්
මලක් සොයා
වෙහෙසට පත් ගස
සෙමෙන් පිනි බිඳ දෙසට හැරී
පවස සංසිඳුවා ගති..


Comments
10 Comments
  1. malak soya wehesa wee
    Malak nolabena kala
    Pinibinduwen sanasena
    Wrukshayen athi pala kima..???

    ReplyDelete
  2. @nishadi KD
    පිණි බිඳෙන් සැනහෙමි අද,දරනු පිණිස ඵලයක් හෙට
    බොරු මලක් දරා හිස් මුදුනේ නොවිදින්න අවමන්
    දිය නැති මුත් පොලව ගැබ සංචිතව යෙමි
    මල්වර දිනය බෝ දුර නොම නිසා !

    ReplyDelete
  3. තැන්කු වේවා...

    ReplyDelete
  4. menna adahas





    chathuri

    ReplyDelete
  5. මල්ලි, ලස්සනයි නිසදස.
    ඒත් ප්‍රශ්නයක් තියෙනව අහන්න.... මලයි, පිණි පිදයි එකම ජාතියෙ ද?

    ReplyDelete
  6. නෑ..ඒ වගේ ම ගහයි මලයි ත් එක ම ජාතියේ නෙවෙයි...

    ReplyDelete
  7. ගහයි, මලයි එක ජාතියෙ නෙවෙයි කියල පැහැදිලියි. ඒත් මලයි, පිනි බිදයි එක ජාතියෙ නෙවෙයි නම්....... අනේ මන්ද

    ReplyDelete
  8. @nuwan tharaka

    පිනිබිඳෙන් සැනසෙන්නේ
    හෙට ඵලයක් දරන්නට නම්
    මලක් සොයන්නට ප්‍රථම
    පිනිබිඳුවෙන් සැනසෙනු විනා
    මලක් සොයා වෙහෙසට පත්වී
    පිනිබ්ඳ කරා යාම
    කොතෙක් නම් සාධාරන වේද?????

    ReplyDelete
  9. @nishadi KD

    වැඩිවිය නොපැමිණි කෙල්ලක්
    දරු ගැබකට පෙම් කරනු කෙතරම්ද!
    අන්න එපමණක් !

    ReplyDelete

Newer Post

Older Post

ShareThis

www.arunalla.tk. Powered by Blogger.

පිටු පෙරලූ තරම්

Blogger Widgets

අවිද්‍යාවට තහවුරු වෙන්ට මඟ සලසා දී ඇත්තේ විද්‍යාවේ අසමඟියයි!

කලින් ලියපු ඒවා

මෙවන් අපරාධ යළි සිදු නොවේවා!

මෙවන් ඝාතන යළි සිදු නොවේවා. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජනප්‍රිය ලිපි

යන එන තැන්